පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ හඳුනා ගැනෙති

Share Button

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ හදුනා ගැනෙති. නව්ෆර් මව්ලවි හා හජ්ජුර් අක්බාර් එම පුද්ගලයන් ලෙස හදුනාගෙන ඇතැයි ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 2016 දී සහරාන් නැමැත්තාට මෙම අන්තගාමි අදහස් සපයා ඇත්තේ නව්ෆර් මව්ලවි බව තහවුරුවී තිබේ. 2014 දී අයි එස් මතවාද මෙරටට ගෙනවිත් ඇත්තේද නව්ෆර් මව්ලවිය. මෙම පුද්ගලයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සිද්ධියට අදාලව 32 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. 211 දෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලනීයකරණය වෙමින් පවතින බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදී පැවසීය. ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට සැගවීමට කිසිවක් නැතැයි ඔහු අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් තමන්ට සිදුවු මානසික හා ශාරිරික හානි වෙනුවෙන් ඊට වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 27 ක් ගොනු කෙරේ. එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් හා තුවාලකරුවන් එම නඩු ගොනුකර තිබේ. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හිටලු අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *