පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය යලි ජනතාවට

Share Button

කොළඹ පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය පිළිසකර කිරීමෙන් පසුව හෙට යලි ජනතා අයිතියට පැවරේ. පසුගිය රජය සමයේ නිසි නඩත්තුවකින් තොරව පැවති සහ පසුව අත්හැර දැමුනු මෙම වෙළෙඳ සංකීර්ණය නාගරික සංවර්ධන හා නිවාස ඇමති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පුර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කර තිබේ. වැය කළ මුදල රුපියල් තුන්කෝටි 50 ලක්ෂයකි. නාගරික සංවර්ධන අධිකාරිය පිළිසකර කටයුතු සිදු කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී 2014 අගෝස්තු 25 වැනිදා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරින. එය වෙළෙඳසැල් 103 කින් සමන්විත වු අතර ඉන් සියයට 80 ක්ම පසුගිය රජය සමයේ වැසි ගොස් තිබිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *