බීමත් රියදුරන් නීතියේ රැහැනට

Share Button

බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා සිදු කෙරෙන මෙහෙයුම් පුඵල් කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ලබන සෙනසුරාදා එම මෙහෙයුම් ආරම්භ කරන බවයි. ඒ සදහා පොලිස් නිලධාරින් විශාල පිරිසක් යෙදවීමට නියමිතයි. අධිවේගී මාර්ගවල ද මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක කෙරේ. කොළඹ ඇතුඵ ප්‍රධාන නගරවල ජනතාව අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ගම්බිම් බලා යාම ඉදිරි දින කිහිපයේ සිදුවෙයි. ඒ අනුව නව වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. බීමතින් රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනෙන අතර උත්සව සමය අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *