ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අදයි

Share Button

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අදයි. ප්‍රාන්ත සභාවේ ආසන 234 කට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම එහිදී සිදුවෙයි. හිටපු ප්‍රධාන ඇමතිනිය ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවයෙන් පසු ප්‍රධාන ඇමති ධුරයට පත් එවප්පඩි පලනීස්වාමි මහතා හා ඩී එම් කේ පක්ෂයේ හිටපු නායක මුත්තුවේල් කරාණානිධි මහතාගේ පුත් එම්. කේ. ස්ටාලින් මහතා අතර ප්‍රබල සටනක් පවති. පලනිස්වාමි මහතාගේ ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය භාරතිය ජනතා පක්ෂය සමග සන්ධාන ගතව තරග වදි. ස්ටාලින් මහතාගේ නායකත්වයෙන් යුත් ඩී එම් කේ පක්ෂය තරග වදින්නේ කොන්ග්‍රස් පක්ෂය සමග සන්ධානගතවයි. කරුණානිධි හා ජයලලිතා ජයරාම් යන මහත්ම මහත්මින්ගේ අභාවයෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැත්වෙන පලමු මැතිවරණය මෙයයි. ප්‍රවීන සිනමා නඵ කමල් හසන්ගේ මක්කල් නිධි මයියම් පක්ෂය ද මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *