පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ මෙහෙයුමක්.

Share Button

උත්සව සමයේ දී වෙලෙදපොලට පැමිණෙන කල් ඉකුත් වු හා භාවිතයට නුසුදුසු භාණ්ඩ පිළිබදව දැඩිව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරිමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සුදානම් වෙයි. ඒ අනුව ලබන 23 වැනිදා දක්වා විශේෂ මෙහෙයුම් සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙමින් සිදු කෙරෙන බව එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන තොග අලෙවිසල් හා ගබඩා පරිීක්ෂා කෙරේ.

වැඩි වශයෙන් පාරිභෝගිකයන් පැමිණෙන ඇඳුම් පැලදුම් , රස කැවිලි, විදුලි උපකරණ අලෙවි කරන ස්ථාන ද විමර්ශනය කිරීමට උපදෙස් දී ඇත. ජංගම වෙලෙදුන් හා විශේෂ වට්ටම් ලබාදෙමින් සිදු කෙරෙන වෙලෙද ක්‍රියාකාරකම් ද අධීක්ෂණ කෙරේ.මිල ප්‍රදර්ශනය කිරිම   බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. වෙලෙදපොල පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා 1977 දුරකතන අංකය පාවිච්චි කළ හැකිය. එම අංකයට නිලධාරීන් සම්බන්ධ කරගත නොහැකි වුවත් කරනු ලබන පැමිණිල්ල පටිගත වන බැවින් ගැටඵවක් නොවන බව ඔහු කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *