කැනඩාව වැනි යුරෝපීය රටවලින් තල් ආශ්රිත නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක්
කැනඩාව වැනි යුරෝපීය රටවලින් තල් ආශ්රිත නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් පවතින බව ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි. තල් ආශ්රයෙන් නව නිෂ්පාදන කළ හැකිය. 2019 වසරට වඩා ඉකුත් වසරේ දී වැවිලි ක්ෂේත්රයෙන් වැඩි විදේශ ආදායමක් ලැබී තිබෙ. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් හමුවේ වුවද එම ජයග්රහණය ලැබී ඇත. එකම ස්ථානයකින් සියලු වැවිලි නිෂ්පාදන මිලදී ගත හැකි ස්ථානයක් පිහිටුවන බවද ඔහු කොළඹ ඊයේ පැවති තල් අපනයනකරුවන්ගේ රැස්වීමකදී කීවේය.