මෙරට තවත් ආයෝජන කිහිපයකට චීනය සුදානම්

Share Button

මෙරට සිලිකා සහ මිනිරන් සම්පත් සදහා ආයෝජනය කිරීමේ හැකියාව චීනය සොයා බලයි. ඒවාට අගය එකතු කොට අපනයනය කිරීම පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සාකච්ඡා කළේය. මීළග චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී ශ්‍රිී ලංකාව සමග විධිමත් ලෙස හවුල් වී ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වෙයි. එමෙන්ම ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සදහා ද සහාය ලැබෙයි.චීන වුෂු කණ්ඩායමක් ශ්‍රි ලංකාවේදී ප්‍රදර්ශන තරග මාලාවකටද එක් වෙයි. සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රීී ලංකා සහ චීන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කෙරේ. එය සංචාරක කටයුතු සදහා ද වැදගත් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *