කොවිඩ්වලින් ආරක්ෂා වන පරිදි අලුත් අවුරුද්ද සැමරීමට සෞඛ්‍ය අංශවලින් උපදෙස්.

Share Button

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වනපරිදි එලඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරිය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ මහතා පෙන්වා දෙයි. පවුලේ සියලුදෙනා එක්ව අලුත් අවුරුද්ද සැමරිම වඩාත් යෝග්‍ය වේ. භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් සෞඛ්‍ය ආරක්ෂිතව පැමිණිය යුතුය. වෙළෙඳසැල් හිමියන් සහ ඒවායේ වැඩකරන පිරිස් මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව හෙතෙම සදහන් කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය. අවුරුදු සමයේ නෑගම් යාමේදී එම නිවෙස්වල සිටින කුඩා දරුවන් ගැබිනි මව්වරුන්ඩ්වැ ඩිහිටියන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට එක්වු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පෙන්වා දුන්නේ සාප්පු සවාරිවල යෙදීමේදී කුඩා දරුවන් ගැබිනි මාතාවන් හා වයස්ගත වැඩිහිටියන් කැටුව යාමෙන් වළකින ලෙසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම හේතුවෙන් අනෙකුත් රටවලට සාපේක්ෂ්ව යම්තාක් දුරට වසංගතය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *