යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයෝ් 75 දෙනෙක් හදුණා ගැනෙති.

Share Button

යාපනය දිස්ත්‍රික්කයේ තවත් කොවිඩ් ආසාදිතයන් 75 දෙනෙකු හදුනාගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේතිෂ්වරන් මහතා පවසයි. ඉන් ආසාදිතයන් 54 දෙනෙකු හදුනාගෙන ඇත්තේ යාපනය වෙළෙඳ මධ්‍යස්ථානයෙනි. මේ අතර  කොවිඩ් ආසාදනය නොමැති බවට තහවුරු වු වෙළෙඳුන් සදහා වෙළෙඳසල් විවෘත කිරීමට අවසර දෙන බව දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා සදහන් කරයි. ඒ අනුව හෙට වෙළෙඳසැල් විවෘත කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසීය. උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම එහි අරමුණයි. යාපනය දිස්ත්‍රික් කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බලකාය ඊයේ රැස්වු අවස්ථාවේ මෙම තීරණයට එලඹි බව හෙතෙම සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *