විදුලි පාරිභෝගික තැන්පතු සඳහා සුවිශේෂි ප්‍රතිලාභ.

Share Button

ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ විදුලි පාරිභෝගික තැන්පතු සඳහා පොලි ගෙවීමේ සමාරම්භක උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වින. මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන සේවා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල සේවා සපයන ආයතන එක්ව මෙරට විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂි අයිතිවාසිකමක් මේ තුළින් තහවුරු කර ඇති බවයි.

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් හා වගකිම් ප්‍රකාශන තුළින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සදහා නියාමන තීන්දු බලාත්මක කර ඇති බවද ඒ මහතා සදහන් කළේය. මේ වනවිට පාරිභෝගික ආරක්ෂාව සදහා විවිධ රෙගුලාසි , නීති හා මාර්ගෝපදේශ 20 කට වැඩි සංඛ්‍යාවක් බලාත්මක කොට තිබේ.මෙම නව ක්‍රමවේදය යටතේ මෙම වසර සඳහා නියමිත පොලිය සියයට 8 යි දශම 6 යි 8 කි. විදුලිබල සේවා සපයන බලපත්‍රලාභි ආයතන පොලි ප්‍රතිලාභය ගණනය කර සිය පාරිභෝගිකයාට ගෙවනු ලබන බවද ඒ මහතා සඳහන් කළේය. මේ යටතේ වාර්ෂිකව රුපියල් කෝටි 120 ක පමණ මුදලක් විදුලි පාරිභෝගික ජනතාවට හිමි වෙයි. කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *