රට තුළ ෆාම් තෙල් නිෂ්පාදනයට තහනමක් නැතැයි වෙළෙඳ ඇමති පවසයි.

Share Button

රට තුළ ප්‍රමිතින්ට අනුව ෆාම් තෙල් නිෂ්පාදනයට තහනමක් නැතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා කිවේය. විදෙස් රටවලින් ෆාම් තෙල් ආනයනය තහනම් කර තිබේ. එහෙත්ඩ්බිස්කට් වැනි කර්මාන්ත සඳහා අමු ද්‍රව්‍යයක් ලස ෆාම් තෙල් භාවිතයට ඉඩදී ඇතැයි ඔහු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දේශිය කිරි සදහා හොඳ ඉල්ලුමක් පවතින බව ඔහු කීවේය. මාගම කිරින්ද මුහුදු තීරයේ ඛණිජවැලි වැටිය විදේශ සමාගමකට පැවරීමට තීන්දුවක් ගෙන නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. මෙරට කිසිදු ප්‍රදේශයක පරිසරයට හානිවන කැනීම් කිරීමට ඉඩ නොදෙන බව ඇමතිවරයා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙහිදී ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මෙම වැලිවැටිය කැනීම් සදහා ඉන්දිය සමාගමකට පැවරුවේ පසුගිය රජය යටතේ බවයි. එම රජයේ සජිත් ප්‍රේමදාස මහතා ද සිටි බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රජය සතුව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක වී සංචිතයක්.

මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක වී සංචිතයක් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. එහිදී ගොවියාට රුපියල් 50 ක සහතික මිලක් ලබාදී ඇත. පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට රුපියල් බිලියන 20 ක් පාඩුකර ඇති අතර එහි ගබඩා පුද්ගලික අංශයට ලබාදී තිබු බව ඇමතිවරයා සඳහන් කරයි. තුෂාර ඉදුනිල් මන්ත්‍රිවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.වස විෂ සහිත පොහොර ගොවීන්ට නොදෙන බවද ඔහු පැවසීය. පසුගිය රජය සමයේ ගොවීන්ට බැර සහිත ලෝහ පොහොර ලබාදුන් බවද හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *