පොලිස් නිලධාරීහු 3500 ක් අලුතින් බදවා ගැනෙති.
අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය හමුවට එක්වු ඇමති ආචාර්ය සරත් විරසේකර මහතා රටපුරා තරුණ පිරිස මේ වනවිට මත් උවදුරට ගොදුරුවෙමින් පවතින බව පැවසීය. මත්ද්‍රව්‍ය නිවාරණය සදහා රජය වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. රට තුළට මත්ද්‍රව්‍ය පැමිණිම වැළැක්වීම ඒ සදහා ඇති ඉල්ලුම අවම කිරීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බන්ධනාගාරගත නොකර පුනරුථාපනය කිරීම එම වැඩසටහන් අතර වෙයි.
පසුගිය වසරේදී 31 දහසක් බන්ධනාගාරගත කර ඇති අතර ඉන් 11 දහසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෝ වෙති . පොලිස් ස්ථාන 197 ක් අලුතින් ආරම්භ කිරීමට අදාළ යෝජනාවක් තමන් ඉදිරිපත් කළ බවද ඇමිතවරයා සදහන් කළේය.දැනට පොලිස් නිළධාරීන් 11 දහස් 600 ක අඩුවක් පවතී. ඒ අතරින් 3500 ක් බදවා ගැනීම සදහා දැන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.පොලිස් නිලධාරීහු දෙදහසකට අධික සංඛ්‍යාවක් මේවනවිට පුහුණු වෙමින් සිටිති. රාජ්‍ය අමාත්‍ය ඩී.වීඩ්€ඤුචානක මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂය රටතුළ අර්බුද ගණනාවක් ඇති කරන බවට චෝදනා කළේය.