ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ඇදිරිනීතිය
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇදිරිනීතිය පැනවේ. නවදිල්ලියෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3500 ඉක්මවා යාමත් සමග දිල්ලි ප්‍රධාන ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා එම තීරණය ගෙන තිබේ.දිනපතා රාත්‍රි 10.00 සිට පසුදා අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ලබන 30 වැනිදා දක්වා එම තීරණය ක්‍රියාත්මකයි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව යලී ඉහළ යමින් පවතී. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහාරාශ්ට්ර ප්‍රාන්තයෙනි.