ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත අයෝජනයකට පකිස්තානය සුදානම්

Share Button

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන සිදුකිරීමට පකිස්තාන රජය ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව ඊයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් මුහම්මද් සාද් කතක් මහතා ඒ බව සදහන් කළේය. ශ්‍රි ලංකා හා පකිස්තාන නියෝජිතයන් අතර එම සාකච්ඡාව පැවැත්විණි.

කොළඹ නගරයේ ඉදිකිරීම් ආරම්භ කර අතරමග වැඩ නතර කර තිබෙන ව්‍යපෘති කඩිනමින් නිම කරන්නැයි ජනාධිපතිතුමා හා අගමැතිතුමා නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. එවැනි ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීමට ජනාධිපතිතුමා විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත්කර තිබේ. අදාළ සාකච්ඡාව සංවිධාන කර තිබුණේ ඒ අනුවයි.ි කොළඹ කොම්පඤ්ඤවීදියේ ඩෙස්ටිනි මහල් නිවාස සංකීර්ණයේ වැඩ යළි ආරම්භ කිරීමට එහිදී තීරණය කෙරිණි. පසුගිය කාලයේ වැඩ ආරම්භ කෙරුණු එහි ඉදිකිරීම් අඩක් නිමකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *