පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් අනිවාර්යයෙන්ම නීතිය හමුවට

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් අනිවාර්යෙන්ම නීතිය හමුවට පමුණුවන බව ඇමති මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා කියයි. ඒ සදහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළීවෙල මේ වනවිට විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරික්‍ෂණ පැවැත්වු ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවැති සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරමින් ඇමතිවරයා මේ කරුණු සදහන් කළේය.

එවැනි විනාශයක් යළි රටතුළ ඇති නොවීමට රජය වගබලා ගන්නා බවට මහචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයා සහතික විය. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ නඩු විභාගය සදහා විශේෂ විනිසුරු මඩුල්ලක් පත්කර දින කිහිපයක් තුළ එම නඩු විභාග අවසන් කිරීමේ නිර්දේශයක්ද අදාළ වාර්තාවට ඇතුළත් වෙයි. අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමති අනුකමිටුවක් පත් කලේ තවදුරටත් විමර්ශන සිදුකරමින් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට නොවේ.

ජනාධිපති කොමිසමේ වාර්තාව පිටු අතිවිශාල සංඛ්‍යාවකින් සමන්විත වන බැවින් එය අධ්‍යනය කර ප්‍රමුඛතාව සැපයිය යුතු කරුණු හදුනා ගැනීම එම ඇමති අනුකමිටුවේ කාර්යභාරයයි . එදා මාවනැල්ල සිද්ධියේදී නිවැරදිව නීතිය ක්‍රියාත්මකවුයේ නම් මෙම මහා විනාශය සිදු නොවනු ඇතැයි ජී. එල්.පිරිස් ඇමතිවරයා සදහන් කළේය. එදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් වු බව පෙන්වා දුන් ඇමතිවරයා ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතැයි පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *