මියන්මාරයේ විරෝධතා සඳහා ජනතා සහභාගිත්වය අඩුවන ලකුණු

Share Button

පෙබරවාරි පළමු වෙනිදා සිට මේ දක්වා මියන්මාරයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් අතර ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 598 ක් බව නවතම වාර්තා සඳහන් කරයි.පෙබරවාරි මස පළමුවෙනිදා සිට වසරක කාලයක් සඳහා මියන්මාරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට හමුදා පාලකයෝ පියවර ගත්හ.ආණ්ඩු බලය සියතට ගත් එරට හමුදාව පෙන්වා දෙන්නේ 2020 පැවති මැතිවරණය පිළිගත නොහැකි බවයි.හමුදා පාලකයන්ට එරෙහි විරෝධතා පෙබරවාරි 22 දා වන විට ඉතා ප්‍රබල තත්ත්වයකට පත්විය.එහෙත් විරෝධතා සඳහා ජනතා සහභාගිත්වය මේ වන විට අඩුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සරණාගතයන් සහ පුරවැසි හිමිකම් නොමැති ජනතාව සඳහා ද සමානව සළකමින් ඔවුන්ට ද කොවිඩ් එන්නත ලබාදීමට පියවර ගන්නැයි සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි.සරණාගතයන් ද ඇතුඑවන සේ එන්නත් කිරීමේ ජාතික වැඩසටහන් රටවල් 153 ක් විසින් සකස් කර තිබේ.එහෙත් එන්නත් ලොව රටවල් අතර බෙදී යාමේ අසමතුලිතතාවක් ඇති බව සරණාගතයන් පිළිබඳ මහ නෙමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

ජෝර්දානයේ රාජ්‍ය විරෝධී කැරැල්ලක සූදානමක් පරාජයට පත් කළ බව එරට දෙවන අබ්දුල්ලා රජු නිවේදනය කරයි.අනාවරණය වූ මෙම කුමන්ත්‍රණයට අභ්‍යන්තර මෙන්ම බාහිර පාර්ශව ද සම්බන්ධ බව ඔහු කියයි.කැරැල්ල සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔටුන්න හිමි හම්සා බින් හුසේන් කුමරු පිළිබඳව රජ පවුල තුළ තීරණයක් ගැනීමට නියමිතය.පසුගිය 4 වෙනිදා රාත්‍රියේ මෙම කුමන්ත්‍රණය හෙළිවූ අතර සෞදි අරාබි රජුගේ විශේෂ නියෝජිත එරට රජ පවුලේ සාමාජික ෂෙරීෆ් හසන් බෙන් ශයීඩ් කුමරු ඇතුඑ ඉහළ පෙලේ නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැණිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *