මෙරට කොවිඩ් මරණ 591 දක්වා ඉහළට
ඊයේ තවත් කොවිඩ් ආසාදිතයන් 190 දෙනෙකු හඳුනාගැණිනි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අනූ තුන් දහස් 962 කි. මේ අතර තවත් කොවිඩ් ආසාදිත රෝගීහු 209 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 90917 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ තුනක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ හෝමාගම සහ තණමල්විල පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ හෙට්ටිපොල පදිංචි කාන්තාවකි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 591 දක්වා වැඩි වී තිබේ.
ඊයේ පස්වරුව වන විට මෙරට ජනතාව නව ලක්ෂ විසි හතර දහස් හත්සිය පණස් අට දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
චීනයෙන් ලැබුණු සයිනොෆාම් එන්නත ද 2469 දෙනෙකුට ලබා දී තිබේ. මෙම එන්නත ලබා දී ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින චීන ජාතිකයන්ට පමණකි.