වන විනාශය පිලිබදව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරිමක්

Share Button

ශ්‍රි ලංකාවේ වනාන්තර විනාශ වන බවට පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි කිරිමක් සිදුකරයි. සිංහරාජ වනාන්තරයේ හෝටලයක් ඉදිකරන බවට පලවු වාර්තා සත්‍යයෙන් තොරය. එම ඉඩම පිහිටා ඇත්තේ 2019 වර්ෂයේ ප්‍රකාශයට පත්කරන ලද සිංහරාජ රක්ෂිත වන සංකිර්ණයට ද පිටතිනි. පොතුපිටිය රක්වාන මාර්ගයට යාබදව පිහිටි මෙම භුමියෙහි නිවාස 3 ක් ඉදිකිරිම සදහා ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබාගෙන තිබේ.

ඉහළ ඇලහැර ව්‍යාපෘතිය රජය අනුමත කරන ලද සංවර්ධන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය සදහා ඉවත් කිරිමට යෝජිත ගස් රාජ්‍ය දැව සංස්ථාව මගින් ඉවත් කරනු ලැබේ. අනුමත ගස් හැර වෙනත් ගස් ඉවත් නොකරන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි. හිනිදුම්කන්ද රක්ෂිතයේ වන විනාශය පිලිබද ප්‍රවෘත්තිය ද පදනම් විරහිතය. එහි ගස් කැපිමක් සිදුවි නොමැත. රක්ෂිතයෙන් බැහැර පෞද්ගලික ඉඩමක ගස් 15 ක් පමණ කපාදමා තිබේ.

කෑගල්ල කිතුල්ගල දෝතලුව පරිසර කලාපයේ භුමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමකි. එහි යම් පුද්ගලයෙකු සිදුකල ඉදිකිරිමක් මේ වන විට නවතා දමා ඇති අතර ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දිමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එකග වි තිබේ. කන්තලේ චුන්නකාඩු රක්ෂිතයේ සියලු අනවසර පදිංචිකරුවන් සහ වගා බිම් හදුනාගෙන එම ප්‍රදේශ වනාන්තරයෙන් ඉවත් වන පරිදි මායිම් කනු සිටුවා ඇති බව දෙපාර්තමේනත්ුව පෙන්වා දෙයි. එහි ඉදිකිරිම් කිහිපයක් කිරිමට තැත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීත්‍යාණුකුලව කටයුතු කරමින් පවති.

අඹකදවිල රක්ෂිතයේ කඩොලාන කපා ඉස්සන් කොටුවකට යාම සදහා මාර්ගයක් සෑදිම පිලිබද ප්‍රවෘත්තියද සත්‍යයෙන් තොරය. එයද රක්ෂිතයෙන් බැහැර භුමියකි. රඹකැන් ඔය ආශ්‍රිත ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියය. එම භුමියද මහවැලි සංවර්ධන අධිකාරියට අයත් එකකි.

සිංහරාජ වනාන්තරයේ හිඩැස් ස්ථාන 7 ක් රූපවාහිනි නාලිකාවක් මගින් විකාශය කෙරිණ. එම ස්ථාන වලින් 4 ක් හදුනාගැනිමට හැකිවිය. එයින් 3 ක් නාය යාම් වන අතර අනෙක ස්වභාවිකව හෝ මිනිසා විසින් ඇතිකරන ලද තෘණ භුමියක් බව දෙපාර්තමේන්තුව සදහන් කරයි. එමෙන්ම පසුගිය මාස 15 තුල වනාන්තර අක්කර හැටදෙදහසක් විනාශ වි ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවසන ලදැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂය කල ප්‍රකාශයද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩිව ප්‍රතික්ෂේප කර සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *