රජයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක්

Share Button

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් දැන් ක්‍රියාත්මකයි. රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම, මත්ද්‍රව්‍ය සදහා ඇති ඉල්ලුම අවම කිරීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනය කිරීම එම වැඩසටහන් අතර වන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගිය වසරේදී බන්ධනාගාරගත කරන ලද සංඛ්‍යාව 31000 කි.ඉන් 11000 ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෝ වෙති.

පොලිස් ස්ථාන 197 ක් අලුතින් ආරම්භ කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. දැනට පොලිස් නිළධාරීන් 11600 ක අඩුවක් පවතී. පොලීසියට අලුතින් 3500 ක් බදවා ගැනීම සදහා දැන් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වේ. පොලිස් නිලධාරීහු දෙදහසකට අධික සංඛ්‍යාවක් මේවනවිට පුහුණු වෙමින් සිටින බව ඊයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්ාවමින් අමාත්‍ය වීරසේකර මහතා පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා විපක්‍ෂය රටතුළ අර්බුද ගණනාවක් ඇති කරන බවට චෝදනා කළේය. පසුගිය සමයේ ජාතික ආරක්‍ෂාව ජනතාවට සිහිනයක් පමණක්ම විය. රටේ කොටසක් චිනය ඉන්දියාව වැනි රටවල්වලට අත්කර දෙනු ඇති බවට බියක්ද ජනතාව තුළ පැවතුනි. එහෙත් වත්මන් රජය රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර තිබේ. එම්.සී.සී. වැනි ගිවිසුම් රජය අවලංගු කළේය. ජනතාව පරිසර ආරක්‍ෂණය, ආහාර සුරක්‍ෂිතතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් අවස්ථාව උදාවී තිබේ. එහෙත් පසුගිය රජය සමයේ ජනතාවට එවැනි මානසික නිදහසක් නොතිබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *