රටේ සැමට ප්රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි
රටේ සැමදෙනාටම සහ සෑම ප්රදේශයකටම ප්රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසය.ි මෙම ඉලක්කය කෙටි කලකදී සපුරා ගැනිම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී.
ඊයේ මහනුවර පැවති මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගි වෙමින ජනාධිපතිතුමා මේ බව සඳහන් කලේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගිී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි.
දීර්ඝ කාලීන ගැටඑ හඳුනාගනිමින් ඊට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන් ඇතුඑ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුඑල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කලේය.
ගම සමග පිළිසදර වැඩසටහන මගින් ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණදෙන විවිධ ගැටඑ සෘජුවම අත්දැකිමට හැකිවිය.
සෞඛ්‍ය පද්ධතියේ දුර්වලතා ද එහිදී හඳුනාගත් බව ජනාධිපතිතුමා සඳහන් කලේය.
එම අඩුපාඩු තවදුරටත් පැවතිය හොත් බරපතල අහිතකර ප්‍රතිවිපාක උදාවිය හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබාගත්තේය.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදාකර නොදි ගම දියුණු කළ නොහැකි බවයි.
ආනයන සීමා කරමින් මෙරට වගා කල හැකි සෑම භෝගයක්ම වගා කිරිමට අවස්ථාව සලසා දි තිබේ.විදේශිය ගොවියාට ගිය මුදල් දේශිය ගොවියා අතට පත්කිරිම එහි අරමුණයි.
වගා කල හැකි සෑම බිමක්ම කෘෂිකර්මාන්තය සදහා යොදා ගැනිමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිතුමා එහිදී සඳහන් කලේය.