සිටි එෆ් එම් අලුත් කුමරා සහ කුමරිය 2021 තරගයේ දෙවැනි වටය අද

Share Button

සිටි එෆ් එම් අලුත් කුමරා සහ කුමරිය 2021 තරගයේ දෙවැනි වටය අද පෙරවරු 09.00 ට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදි පැවැත්වේ.

දෙවන වටයට සුදුසුකම් ලබා සිටින තරුණ තරුණියන් 40 බැගින් වූ 80 දෙනෙකු අතරින් අවසන් වටය සදහා තරුණ තරුණියන් 6 දෙනෙකු තෝරා ගැනිමට නියමිතය.

කැපී පෙනෙන පෞරුෂය,සන්නිවේදන හැකියාව, කලා කුසලතාව,උසස් අධ්‍යාපන හා වෘත්තීය නිපුනතාව ආදීය තුන්වන වටයේදී පිරික්සා බැලමෙන් අනතුරුව සිටි එෆ්.එම්.අලුත් කුමරා සහ කුමරිය තෝරා ගනු ලැබේ.

අවසන් මහ තරගය මේ මස 30 වන දින ජනප්‍රිය ගී තරු පිරිවරා පැවැත්විමට සැලසුම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *