දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය පකිස්ථානයට

Share Button

සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී ඊයේ රාත්‍රියේ පැවති තුන්වැනි ජාත්‍යන්තර එක්දින තරගය ලකුණු 28 කින් ජය ගැනීමට සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය.පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුඑ 7 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 320 කි.

ෆක්හර් ශමන් ලකුණු 101 යි.නායක බාබර් අශාම් ලකුණු 94 ක් රැස් කළේය.දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කේශව් මහාරාජ් ලකුණු 45 කට කඩුඑ 3 ක් දවාලීය.ලකුණු 321 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දු වාර 49 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292 ක් පමණි.

මෙම තරග ජයග්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය දෙකට එකක් වශයෙන් ජයගැනීමට ද සංචාරක පකිස්ථානය සමත් විය.කණ්ඩායම් දෙක අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *