චීනය ” දරිද්‍රතාවය අවම කිරීමේ අත්දැකීම් ” සාරාංශගත කරයි

Share Button

චීන රජය “මානව දරිද්‍රතාවය අවම කිරීමේ චීනයේ පරිචය” යන ධවල පත්‍රිකාව නිකුත් කර ඇත. පසුගිය වසර 100 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන ජනතාව නිරපේක්ෂ දරිද්‍රතාවයෙන් මිදීමේ අසාමාන්‍ය ගමන සමාලෝචනය කරමින්, එම ධවල පත්‍රිකාව මගින් චීනයේ දරිද්‍රතාවය අවම කිරීමේ ප්‍රයෝජනවත් අත්දැකීම් හා ක්‍රම සාරාංශගත කර තිබේ. ඉන් ඇතැම් විශ්ලේෂකයින්ගේ අදහස් නැවතත් සනාථ කර ති‍බේ. එනම් චීනය නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීම “ලෝකයේ විශාලතම මානව හිමිකම් ව්‍යාපෘතියක්”පමණක් නොව “හොඳම මානව හිමිකම් පරිචය”ද වේ.

චීන පාලක පක්ෂය සැමවිටම ජනතාව කේන්ද්‍ර කර ගැනීම දරිද්‍රතාවය පිටුදැකීමේ මූලික ගාමක බලවේගය ලෙස සලකයි. එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ දරිද්‍රතාවය අවම කිරීමේ ඉලක්කය නියමිත කාලයට වසර 10 කට පෙර චීනය සම්පූර්ණ කර තිබේ. ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න ජනගහනයකට සාමකාමී, නිදහස් හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට චීනය ඉඩ දී ඇත. එය ගෝලීය මානව හිමිකම් සඳහා චීනයේ දැක්වූ වැදගත් දායකත්වයක් ලෙසට සැලකිය හැකිය.

එම ධවල පත්‍රිකාවට අනුව, 2016 සිට 2020 දක්වා චීනයේ සුළු ජාතික ස්වායත්ත පහ සහ ගුයිචෞ, යුන්නාන් හා ඡිංහායි යන පළාත් තුනේ දිළිඳු ජනගහනය මිලියන 15.6 කින් අඩු කර ඇති අතර සුළු ජාතීන් 28ක් සම්පූණයෙන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකිවී තිබේ. චීනයේ දරිද්‍රතාවයෙන් මුදවා ගෙන ඇති මිලියන 100 කට ආසන්න දිළිඳු පුද්ගලයන්ගෙන් අඩක් පමණ කාන්තාවන් වීමද විශේත්වයකි. දරිද්‍රතාවය තුරන් කිරීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට චීනය දරන උත්සාහය සැමට දැකිය හැකිය.“මානව හිමිකම්”මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වන බටහිර රටවල් චීනයට වඩා බොහෝ පසුපසින් සිටී.

.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *