වන විනාශ සිදු කරන්නන්ට එරෙහිව ඉදිරියේදි දැඩි නෛතික ක්‍රියාමාර්ග
වන සංරක්ෂණය අරමුණු කර ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනටමත් දැඩි තීන්දු තීරණ රැසක් ගෙන ඇතැයි වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එස්.විදානපතිරණ මහතා පවසය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මුහුණුපොත ඔස්සේ විකාශනය කළ සජීවි වැඩසටහනකට අද එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළේය. වන විනාශය වැලැක්විමට හදිසි විමර්ශන ඒකකයක් පිහිටුවිමට තිරණය කර තිබෙ. වන විනාශය වැලැක්විමට එමගින් පුඵල් වැටලිම් සිදු කිරිම අරමුණයි වන විනාශ සිදුකරන්නන්ට එරෙහිව ඉදිරියේදි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා සදහන් කළේය.. වන විනාශ පිළිබඳ තොරතුරු දැනුම් දිමට ලබන සතියේ ක්ෂණික දුරකථන අංකයක් හදුන්වාදිමට නියමිතයි. වන විනාශය පිළිබඳව ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නැතැයි ලේකම්රවරයා අවධාරණය කළේය. රක්ෂිත ඉඩම් එළි කිරිමක් කිසිසේත් සිදු වී නැතැයි ඔහු පැවසිය.