රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී තිබු වාර්තා 8500කට අදාල පරීක්ෂණ අවසන්

Share Button

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය චෝදනා වලට අදාල වාර්තා 8500 කට පමණ අදාල පරීක්ෂණ මාස හයක් වැනි කෙටිකාලයක් තුළ අවසන් කර අදාල අංශ වලට යොමු කර ඇතැයි රජයේ අතිරේක රස පරීක්ෂක සී..එච.එල්.ජයමාන්න මහතා කියයි. අධිකරණය . පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය ඇතුඵ අංශ ගණනාවක් එවු වාර්තා ඒ අතර විය . වසර ගණනාවක් තිස්සේ දෙපාර්තමේන්තුවේ ඒවා ගොඩ ගැසී තිබු බව ජයමාන්න මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. අදාල පරීක්ෂණ වාර්තා පමාවීම හේතුවෙන් අධිකරණ කටයුතු පමා වූ අතර.සැකකරුවන් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර තැබිමට ද සිදුවිය. මේ වනවිට රස පරික්ෂක දෙපාර්තමේන්තුව හමුවේ ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා වලට අදාල වාර්තා 500 ක් පමණක් බව ද ඔහු සදහන් කළේය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්ෂිකව පරීක්ෂණ වාර්තා තිස්පන්දහසක් පමණ විවිධ ආයතන ඉල්ලුම් කරයි.. එහෙත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කිරිමට දෙපාර්තමේන්තුවේ ඇත්තේ විශේෂඥයන් සියදෙනෙකු පමණි. පරීක්ෂණ වාර්තා පමා විමට එය හේතු වී ඇතැයි අතිරේක රස පරීක්ෂකවරයා සදහන් කළේය. දෙපාර්තමේන්තුවේ දැනට ගොඩගැසි ඇති සෙසු වාර්තා පිළිබඳ පරික්ෂණ ද කඩිනමින් නිම කිරිම අරමුණයි . ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *