මුහුදු මාර්ගයෙන් විදේශයකට සංක්‍රමණය විමට තැත් කළ 20 දෙනෙක් නාවික හමුදා භාරයට පත්වෙති

Share Button

මුහුදු මාර්ග ඔස්සේ නිති විරෝධි අන්දමින් මෙරටින් විදේශයකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන 20 දෙනෙක් නාවික හමුදා භාරයට පත්වෙති. නාවික හමුදාව සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ඔව්හු අත්අඩංගුවට ගනු ලැබුහ . වයඹ නාවික විධානය එම මෙහෙයුම සිදු කළේය . සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ත්‍රිරෝද රථ හතරක් පරික්ෂාවට ලක් කෙරුණු අතර.එහිදි ඒවායේ ගමන් කළ පුද්ගලයන් නිති විරෝධි අන්දමින් මුහුදු මාර්ග ඔස්සේ විදේශයකට සංක්‍රමණය විමට සිලාවතුර මුහුදු ප්‍රදේශය වෙත යමින් සිටි බව අනාවරණ විය . ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය හමුදා භාරයට ගනු ලැබිය . කාන්තාවෝ 04 දෙනෙක් . වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙක් හා වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් ද ඒ අතර වුහ.ඔව්හු මුලතිව්.යාපනය . මන්නාරම . වාලච්චේන.වත්තල හා පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම නිති විරෝධි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද එම පිරිස අතර සිටින බවට නාවික හමුදාව සැක කරයි . සැකකරුවන් හා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථ ඉදිරි නෛතික කටයුතු සදහා සිලාවතුර පොලිස් ස්ථානයට භාරදි තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *