සිසුන් පිරිසකට මුලධර්මවාදි සහ අන්තවාදි දේශන පැවැත්වු දෙදෙනෙකු ඔලුවිල් හිදි අත්අඩංගුවට

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන් පිරිසකට මූලධර්මවාදි හා අන්තවාදි දේශන පැවැත්වු දෙදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔලුවිල් ප්‍රදේශයේදි ඊයේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 2018 දෙසැම්බර් මාසයේදි තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ අනුදැනුම මත ඔලුවිල් ප්‍රදේශයේදි ඔවුන් එම දේශන පවත්වා තිබේ.විදේශිය අන්තවාදි ත්‍රස්ත කණ්ඩායම් වලට සාමාජිකයන් බඳවා ගැනිමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් එම ළමුන්ට සපයා ඇතැයි වාර්තා වෙයි . අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබෙ. .රැදවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *