පුරප්පාඩු වූ මන්ත්රි ධුරයට අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරේ
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රි ධුරය අහිමිවීම හේතුවෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු අසුන සදහා අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරේ. තේරීම් භාර නිලධාරි ඊයේ ඔහුගේ නම මැතිවරණ කොමිසමට එවු බව කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අප කළ විමසුමකදි පැවසිය . මාන්නප්පෙරුම මහතාගේ නම අද ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කිරිමට නියමිතයි.