රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කිරිම ව්‍යවස්ථානුකුලව ගත් ක්‍රියාමාර්ගයක් බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව නිත්‍යනුකුලව ගත් ක්‍රියාමාර්ගයක් බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසයි. අදාල මන්ත්‍රි ධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අද සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු ඒ බව පැවසිය. රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කිරිමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදි ඉල්ලා සිටියේය. ඊට අදාලව ඇමති චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් පොන්සේකා මහතා අතර ඇති වු වචන හුවමාරුව හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය . එම නිසා සුඵ වේලාවකට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවිමට මුලාසනයට සිදුවිය.