නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහබැංකුවෙන් තීරණයක්

Share Button

ශ්‍රීී ලංකා මහබැංකුව නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතිකය සියයට 4 යි දශම 5 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5 යි දශම 5 ක් ලෙස පවතී.

අද පැවති 3 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ රැස්වු මුදල් මණ්ඩලය පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛන්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බව ඔහු පැවසීය.

2019 අඩු ආර්ථික වර්ධන වේගය හා ඉකුත් වසරේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය පෙර නොවු විරූ ලෙස ලිහිල් කිරීමට සිදු විය.

ඒ යටතේ ව්‍යාපාර මුහුණ දුන් දුෂ්කරතා මගහැරවීමට රාජ්‍ය මැදිහත් වීමක් සිදු කෙරිණ.

මේ දක්වා මහබැංකුව ගනු ලැබු තීරණවල සාර්ථක ප්‍රතිඵල ලෙස ආර්ථික ක්‍රියාකාරිත්වය ඩ්€~ සේවා නියුක්තිය , ආදායම් හි හිතකර වර්ධනය පෙන්වා දිය හැකිය.

මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසරේ දී සියයට 5 යි දශම 5 ත් 6 ත් අතර අගයක් අපේක්ෂා කෙරේ.

ඉකුත් වසරේ පුරෝකතනය කළ වේගයට වඩා අඩු අගයකින් එනම් සියයට 3 යි දශම 6 න් එය සංකෝචනය විය.

ඉදිරි කාලයේදී පොලී අනුපාතික තනි ඉලක්කමෙන් පවත්වාගෙන යාමට මහබැංකුව අපේක්ෂා කරයි.

දේශීය නිෂ්පාදන මත පදනම් වු නව ආකෘතියකින් ආර්ථිකය ප්‍රවර්ධනයට බලාපොරොත්තු වෙයි.

ණය නොවන වෙනත් විදේශ විනිමය ප්‍රවාහනයන්ට අවධානය යොමු කර ඇතැයි මහබැංකු අධිපතිවරයා පැවසීය.

එමගින් ශක්තිමත් ආර්ථිකයකට මග හෙලි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *