දංකොටුවෙන් සොයා ගත් පොල් තෙල් බවුසර දෙකෙහි පිළිකා කාරක අඩංගු බවට තහවුරු වෙයි

Share Button

දකොටුව පොලිසිය පසුගියදා සොයා ගත් එදිරිසිංහ සමාගමට අයත් බවුසර දෙකෙහි පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට සිදු කළ පරීක්ෂණවල දිී තහවුරු වී ඇතැයි ශි්‍රී ලංකා රේගුව පවසයි.

සමාගම් 3 කින් මෙරටට ගෙන්වු පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බවට හදුනා ගැනීමෙන් පසු පරීක්ෂණ අවසන් වනතෙක් ඒවා හිමිකරුවන්ගේ ගබඩාවල රඳවා තිබුණි.

එහිදී එදිරිසිංහ සමාගම දංකොටුව ප්‍රදේශයේ පොල් වත්තක තෙල් බවුසර 2 ක් සගවා තිබියදී ඒවා පොලිස් භාරයට ගැනිණ.

රේගුව, ප්‍රමිති ආයතනය සහ පොලිසිය එක්ව සිදු කළ පරීක්ෂණ වාර්තාව අද නිකුත් කෙරිණ.

ඒ අනුව ඒවායේ පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *