පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදු කළ සාපරාධී බලහත්කාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ

Share Button

කොළඹ නෙඵම් පොකුණ රගහලේ පසුගියදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී රූ රැජින ලෙස කිරුළ දිනා ගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදු කළ සාපරාධී බලහත්කාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.

කුරුඳුවත්ත පොලිසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව බැඳුම්කරයකට අත්සන් ලබා ගෙන ඇප මත මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන්ට ලබන 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *