මැදපෙරදිග සුරක්ෂා නිවාසවල සිටි ශ්‍රමික සංඛ්‍යාව පහතට

Share Button

විදේශ සේවා නියුක්ති කාර්යාංශය,  මැදපෙරදිග තානාපති කාර්යාලයන්හි පවත්වාගෙන යන  සුරක්ෂා නිවාස තුළ  විවිධ හේතූන් මත රදවාගෙන සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික සංඛ්‍යාව  විශාල වශයෙන් අඩුවෙමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

සුරක්ෂා නිවාසවල රදවාගෙන සිටින ශ්‍රමිකයන්ගේ ගැටළු විසදා ඔවුන්ව හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට  ,විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා උපදෙස් පරිදි කඩිනමින් පියවර ගැනීම ශ්‍රමික සංඛ්‍යාව අඩුවීමට හේතුවු බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

කුවේට් හා රියාද් තානාපති කාර්යාල සුරක්ෂා නිවාසයන්හි 105 හා 41 ක ශ්‍රමිකයන් සංඛ්‍යාවක් රුදී සිටිති. වෙනත් තානාපති කාර්යාලයන්හි  සුරක්ෂා නිවාසවල සිටින සමස්ත ශ්‍රමික පිරිස 105කි. ඊශ්‍රායලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, බහරේන් හා මාලදිවයින යන රටවල පිහිටි සුරක්ෂා නිවාසවල කිසිදු ශ්‍රමිකයෙකු රුදී නොසිටියි.

2017 සිට 2018.07.31 දක්වා කාලය තුළ සුරක්ෂා නිවාසවල සිට යලි දිවයිනට ගෙන්වා ගත් පිරිස 1826කි.

ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා  කඩිනම් විසදුම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් කම්කරු අංශ ප්‍රධානීන් තානාපති කාර්යාල වෙත පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බව පැවුසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසදා නැවත සුදුසු සේවා ස්ථානයක් ලබාදීමට හෝ ලංකාවට ගෙන්වා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *