හිටපු ජනාධිපතිවරයා බලය ලබා ගැනීමට යලි උත්සාහ කරන්නේ ඊට ඇති කෑදරකම හේතුවෙන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පෙන්වා දෙයි

Share Button

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දක්වා දේශපාලනිකව පල්ලම් බැස යලි බලය ලබා ගැනීමට ඉදිරිපත් වන්නේ බලයට ඇති කෑදරකම නිසා බව කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පවසයි. මෙම ආගමනය හේතුවෙන් රාජපක්ෂ පවුල තුළද ගැටුම් නිර්මාණයවී ඇතැයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. 2020 ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් විවිධ රාජපක්ෂවරුන්ගේ නම් කරලියට ගෙන ආවත් බලයට පත්වීමට උත්සාහ දරන්නේ මහින්ද රාජපක්ෂ මහතාම බව ඔහු සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ අර්බුද මතුවී තිබේ. එබැවින් අලුත් මාතෘකා සොයමින් ජනතාව රැවටිමට ඔව්හු කටයුතු කරමින් සිටිති. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදින් 30 කට අධික පිරිසක් ඝාතනයවී ඇතැයි ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය. උතුරේ සියලු නටඹුන් ගලවා ඉවත් කරන ලෙස පළාත් ප්‍රධාන ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තුෂාර ඉදුනිල් මහතා කියා සිටියේ එවැනි ප්‍රකාශ දැඩි ලෙස හෙලා දකින බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *