පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරී තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරයට

Share Button

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිහේන යන මහත්වරුන් ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ගුණසේකර මහත්මිය දිර්ග ලෙස කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව. ඇය එම නියෝගය කළාය. මෙම සිද්ධීයට සම්බන්ධ පළමු සැකකරුවන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විමර්ශන ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නිතිපතිවරයාට උපදෙස් දුන්නාය. ඔහු සිංගප්පරුවේ සිටින බවත් අධිකරණ වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් ගුණසේකර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11