ඔස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

Share Button

ඔස්ට්‍රේලියාවේ 30 වන අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් මහතා පත්වනු ඇත. හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාට ඔහුගේ පක්ෂ නායකත්වය අහිමි වු අතර මොරිසන් මහතා එම ධුරයට පත්වී සිටී. ඒ සමග ටර්න්බුල් මහතාට අගමැති ධුරයෙන් ඉවත්වීමට සිදු වන අතර තමා ඒ සදහා සුදානමින් සිටින බව ඔහු පවසයි. ටර්න්බුල් මහතාගේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල මතභේදකාරි තත්ත්වයක් උද්ගතව පැවතිනි. නව නායකයෙකු තෝරා ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේ දී ස්කොට් මොරිසන් මහතාට ඡන්ද 45 ක් ලැබුණි. ඔහුගේ ප්‍රතිවාදියා වු හිටපු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටෝන් මහතාට ලැබුණේ ඡන්ද 40 ක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11