ගොවින්ට කාබනික පොහොර මිලදි ගැනිම සදහා ඉදිරි මහ කන්නයේ සිට හෙක්ටයාරයකට රුපියල් දහඅටදහසක මුදලක්

Share Button

ඉදිරි මහ කන්නයේ සිට කාබනික වගාවේ යෙදෙන ගොවින්ට හෙක්ටයාරයක් සදහා රුපියල් දහඅටදහසක මුදලක් කාබනික පොහොර මිලදි ගැනිම සදහා ලබාදෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි. ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වන විට අවසන් බව හෙතෙම සදහන් කරයි. ඇමතිවරයා මේ බව පැවසුවේ අගුණකොලපැලැස්ස යකාගල වෙල්යායේ පිහිටි අමා්‍යවරයාගේ අක්කර තුනක කුඹුරේ කාබනික වී වගාවේ අස්වනු නෙලිමේ අවස්ථාවට අද එක්වෙමිනි. සෙමා ආයතනයේ මැදිහත්විමෙන් කාබනික වගාව යටතේ විී වගා කල වලව කලාපයේ කුඹුරුවල විී අස්වනු නෙලිම අද ආරම්භ කෙරිණ. එහිදි ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කලේ . සෑම කෙනෙකුටම කාබනික වගාව සදහා දායකත්වය ලබාදිය නොහැකි වුවත් අධික ලෙස රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කිරිම නිසා පස නිසරුවිමේ අවදානමකට රට මුහුණ පා සිටින බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *