ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහභාගිවන තරග කිහිපයක් අදත්

Share Button

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වෙනි දිනය අදයි. මලල ක්‍රීඩා ඉසව් කිහිපයකට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද දිනයේද සහභාගි වෙති. නිමාලි ලියනාරච්චි සහ ඉඳුනිල් හේරත් මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගවලට අද සහභාගි වෙති. නිමාලි රත්නායක මීටර් තුන්දහස බාධක ඉසව්වේ අවසන් තරගයට සහභාගි වෙයි. කරාටේ ඉසව්වේ කිලෝ ග්‍රූම් 84 බර පංතියෙන් කවිඳු ජයකොඩි සහ කිලෝ ග්‍රූම් 50 බර පංතියෙන් දිනූෂා කුමාරි අද තරග වැදීමට නියමිතයි. රන් පදක්කම් 78 ක් රිදි 59 ක් සහ ලෝකඩ පදක්කම් 37 ක් දිනාගනිමින් චිනය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙයි. ජපානය හා දකුණු කොරියාව දෙවන හා තෙවන ස්ථාන හිමිකරගෙන සිටි. ශ්‍රි ලංකාව ඇතුඵ රටවල් 10 ක් මෙතෙක් කිසිදු පදක්කමක් ලබාගැනිමට සමත්ව නැත .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *