සරම්ප රෝගය යුරෝපයෙන් යළි හිස ඔසවයි

Share Button

පසුගිය ශතවර්ෂය අග භාගයේදී ලොවින් තුරන් කළ බවට ප්‍රකාශයට පත්වූ සරම්ප රෝගය යුරෝපා සංගමයට අයත් රටවල වේගයෙන් පැතිර යමින් පවතී. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා සරම්ප රෝගයෙන් මියගිය යුරෝපා වැසියන්ගේ සංඛ්‍යාව 37 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. තවත් හතලිස් එක් දහසකට රෝගය වැළඳී තිබේ. මෙම සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ අගය මෙන් දෙගුණයකි. මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වසර විස්සකට පසුව බව සංවිධානය පෙන්වා දෙයි. මේ අතර රුමේනියාව. යුක්රේනය ආදී රටවලද රෝගය පැතිර යමින් පවතී. රුමේනියාවේ සරම්ප රෝගයෙන් මරණයට පත් සංඛ්‍යාව 55 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *