ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයට ආරක්ෂක මණ්ඩලය මැදිහත් වෙයි

Share Button

ඊශ‍්‍රායලයට එරෙහිව පලස්තීන මෝටාර් සහ රොකට් ප‍්‍රහාර එල්ල කිරීම හා සම්බන්ධව සාකච්ඡාකිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙනවා. ඒ එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුවයි. මීට පෙර එක්සත් ජනපදය කෙටුම්පතක් මඟින් එම ආරක්ෂක මණ්ඩලයට දන්වා තිබුණේ ගසා තීරයේ දී පලත්තීන සටන්කාමීන් ඉවක් බවක් නැතිව ඊශ‍්‍රායලය වෙත එල්ල කල රොකට් ප‍්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවයි.
එම ප‍්‍රහාර වලින් ඊශ‍්‍රායල වැසියන් 5 දෙනෙකු තුවාල ලැබුවා. ඊට ප‍්‍රතිචාර වශයෙන් ඊශ‍්‍රායල ගුවන් හමුදා ගසා තීරයේ ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. උමං මාර්ගයකටත් බෝම්බ ප‍්‍රහාර එල්ල කල බවයි වාර්තා වෙන්නේ. අහිංසක ඊශ‍්‍රායල සිවිල් වැසියන්ට එල්ල වන ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉක්මන් ප‍්‍රතිචාර දැක්විය යුතු බව එක්සත් ජනපද මෙහෙයුම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටිනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ප‍්‍රහාරයේ වගකීම පලස්තීන නායකත්වය විසින් බාරගත යුතු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *