බිම්ස්ටෙක් සමුඵවට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් දුත පිරිසක් – බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.

Share Button

බහු ආංශීය තාක්ෂණ සහ ආර්ථික සහයෝගිතාව සදහාවු බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුඵව ලබන බ්‍රහස්පතින්දා නේපාලයේ කත්මන්ඩු අගනුවරදී ඇරඹේ. සමුඵවට සහභාගි වන දුත පිරිසේ නායකත්වය දරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමායි. සමුඵවඅ වසානයේ බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන නේපාලය එම සභාපති ධුරය ශ්‍රී ලංකාවට පිරිනැමිමට නියමිතයි. ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ ජනාධිපතිවරු. ඉන්දියාව. බංග්ලාදේශයේ. නේපාලයේ හා තායිලන්තයේ අගමැතිවරු සහ භුතාන රජයේ ප්‍රධාන උපදේශකවරයා සමුඵවට සහභාගි වන දුත පිරිස්වල නායකකත්වය දරති. සමුඵවේ අවසන් දිනය වන ලබන සිකුරාදා රාජ්‍ය නායකයන් සාමකාමිබවෙන් . සශ්‍රිකත්වයෙන් සහ තිරසරබවින් යුතු බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයක් යන තේමාවෙන්යුතුව සිව්වැනි බිම්ස්ටෙක් සමුඵ ප්‍රකාශනය සම්මත කර ගැනීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන සෙනසුරාදා ලුම්බිණි නුවරට යාමට නියමිතයි. ලබන ඉරිදා කත්මන්ඩු නගරයේ සාක් මහ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහනකට ද එතුමා එක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *