රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වාර්ගික ඝාතනයකට ලක් කළේ යැයි මියන්මාර පාලකයන්ට චෝදනා

Share Button

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි සමූල ඝාතන ක්‍රියාවලියට එරෙහිව මියන්මාර පාලකයන් අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ කමිටුවක් නිගමනය කරයි. මෙම දූත කමිටුව මියන්මාරයේ මානව හිමිකම් බිඳ දැමීම් සම්බන්ධයෙන් කරුණු ඒකරාශී කරමින් සිටී. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දස දහසක් මෙලෙස වාර්ගික සංහාරයට ලක්ව ඇති බවට සැලකේ. සරණාගතයන් ලෙසින් රටින් පළාගිය සංඛ්‍යාව හත් ලක්ෂයකි. මේ සඳහා එරට නායක නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන් සාන් සුකී ඇතුඑ ආරක්ෂක අංශ භාර උසස් නිලධාරීන් ද ෆේස් බුක් ඇතුලත් සමාජ ජාල මාධ්‍යයද වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අදහස් කරයි. විශේෂඥයන්ගේ මෙම නිගමන ඉතා හොඳින් විමසා බලන ලෙසට ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙෂ් සාමාජික රටවලින් ඉල්ලීමක් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *