එන්ටර්ප්‍රයිස් යනු සමෘද්ධිය හෝ සමාජ සුභ සාධනය නොවෙයි- අමාත්‍ය එරාන් වික්‍රමරත්න

Share Button

ව්‍යවසායකයින්ගේ ආර්ථිකය සවිමත් කරන’ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ‘ සංවර්ධන සංග්‍රාමය මොණරාගලින්  අද   (29) ඇරඹේ.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ , එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු සමෘද්ධිය හෝ සමාජ සුභ සාධනය නොව අළුත් ව්‍යවසායකයින් දිරිමත් කෙරෙන , ව්‍යාපාරිකයින් ගොඬ නගන වැඩසටහනක් බවයි.

නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමට යන මේ ක්‍රියාදාමය තුළින් සුළු පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ව්‍යවසායකයින්ට ණය ලබා ගත හැක.

දේශපාලනඥයන් ඉදිරියේ වැඳ නොවැටෙන තරුණ පරපුරක් හා අතමිට සරුකරන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවද  අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *