මියන්මාරයේ රෝහින්ගි්‍යා ජනතාවට සහන සැලසීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජගත් මහලේකම්වරයා ආරක්‍ෂක මණ්ඩලයෙන් ඉල්ලයි

Share Button

මියන්මාරයේ රෝහින්ගි්‍යා ජන කොට්ඨාශය අත්විදින දුක්පීඩා නිම කිරීම පිණිස මියන්මාරය සමග කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. එහිදී එම ජනතාවට එරෙහිව සිදුවු ක්‍රියාකාරකම් පිළිබඳ වගවීමක් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි. තවමත් බංග්ලාදේශයේ සිටින රෝහින්ගී්‍යා සරණාගතයන්ට ආපසු සිය රට යාමට සුරක්‍ෂිත කල්පවතින සුදුසු වාතාවරණයක් සකස්වී නැති බවද ජගත් මහලේකම්වරයා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *