කොළඹ ජාතික රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටඵවට විසදුම්

Share Button

රාජ්‍ය සේවක වැටුප් පිළිබඳ ගැටඵව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ලැබීමට නියමිතයි. ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම සදහා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු ඇමතිවරයා පසුගිය රජය සමයේ රාජ්‍ය සේවයේ වැටුප් තල සංඛ්‍යාව 134 සිට 30 දක්වා අඩුකළ බව පැවසීය. එහිදී එක් අමාත්‍යංශයක වැටුප් තල ඉහළ නැංවීමේදී සෙසු අමාත්‍යංශ පිළිබඳව විමසීමක් සිදු නොකෙරිණි. වර්තමානයේ එක් කොටසකට පමණක් වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. යුද ස්මාරක ඉවත් කළයුතු බවට උතුරේ ප්‍රධාන ඇමතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා යුද ස්මාරක ඉවත් කිරීම උතුරේ ජනතාවගේ ගැටඵවක් නොවන බව පැවසීය. ඉදිරියේදී තවත් ඖෂධ වර්ග 36 ක මිල අඩුකෙරේ. කොළඹ ජාතික රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටඵවට මේ වනවිට විසදුම් ලබාදී ඇතැයි ඇමතිවරයා පැවසීය. ගලහ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *