ඉදිරියේදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට රට පුරා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වෙන බවද ජනමාධ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි

Share Button

2015 වෙනස වෙනුවෙන් ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය ක්‍රියා කරන ආකාරය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් පැහැදිලි වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු ඊයේ පැවති උත්සව සභාව අමතමින් අගමැතිතුමා මෙම අදහස් පල කළේය.

කුමන අභියෝග පැමිණියද රට ආරක්ෂා කර රට සංවර්ධනය කිරීමේ මුලික පරමාර්ථයෙන් රජය ක්‍රියා කරයි. ඇගට දැනෙන වෙනස ගමට ගෙන ඒමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැකියාව ලැබේ.
ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු අගමැතිතුමා සියඵ කුටි වෙත පැමිණ නැරඹීමට පැමිණි ජනතාව සමගද අදහස් හුවමාරු කර ගත්තේය. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කුටි වෙත පැමිණි අගමැතිතුමා සියඵ මාධ්‍ය ආයතනවලට සම්මුඛ සාකච්ඡා ලබා දීම ද විශේෂත්වයයි. ගුවන් විදුලි සංස්ථා මාධ්‍ය පරිශ්‍රයට පැමිණි අගමැතිතුමා තරුණයින්ට දිරිදීමට මෙම ප්‍රදර්ශනය සුවිශේෂී අවස්ථාවක් බව පැවසීය .

දේශප්‍රේමී ජනතාව අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරා ගැනීමට ඌව වෙල්ලස්සේ කැරල්ලක් සිදුකලා සේම වර්තමානයේ රටේ සංවර්ධනයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් අවස්ථා ලැබී ඇතැයි මංගල සමරවීර ඇමතිවරයා පවසයි. ඉදිරියේදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට රට පුරා මෙම වැඩසටහන පැවැත්වෙන බවද ඇමතිවරයා කියයි.

2015 එක්සත් ජාතික පක්ෂය සිදුකල කැපකිරීම හේතුවෙන් පක්ෂ දෙකේම එකතුවෙන් රටේ සංවර්ධන වැඩපිලිවල ආරම්භ කිරීමට වර්තමානයේ හැකිවූ බව රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිවරයා පවසයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් යෝධ සංවර්ධන සංග්‍රාමයක් ගමට ගෙන ඒමට හැකියාවක් ලැබී ඇතැයිද ඔහු කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *