පොහොර බෙදා හැරිමේදි සිදුවන අක්‍රමිකතා පිළිබඳව කෘෂිකර්ම ඇමතිගේ අවධානය

Share Button

පොහොර ලේකම් කාර්යාලය සහනාධාර වශයෙන් ලබාදෙන පොහොර බෙදාහැරිමේදි යම් යම් අක්‍රමිකතා සිදුවන්නේ යැයි තමන්ට වාර්තාවක් ලැබි ඇති බව ඇමති මහින්ද අමරවිර මහතා කියයි. එහි දැක්වෙන පරිදි වැඩිම අක්‍රමිකතා සිදු වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය කෙසේවුවත් යාපනය දිස්ත්‍රික්කයේ කිසිදු අක්‍රමිකතාවක් වාර්තා වී නොමැත. එම දිස්ත්‍රික්කයේ එකම කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියෙකු හෝ නොමැති බව ද ඇමතිවරයා හෙලි කළේය. ලංකා පොහොර සංස්ථාවේ සුබසාධක සංගමයේ උත්සවයකට එක්වෙමින් අමරවිර මහතා මේ බව කිවේය. ලබන වසර සදහා උතුරේ ස ංවර්ධන කටයුතු පිළිබඳව සැලසුම් සියල්ල දැන් සකස් කර තිබෙ.් එහෙත් දකුණේ එක දිස්ත්‍රික්කයක හෝ එවැනි සැලසුමක් මෙතෙක් සකස් කර නොමැති බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. මේ නිසා අයවැයෙන් මුදල් ලැබුණු වහාම තම සැලසුම් ක්‍රියාත්මක කිරිමට යාපනයේ රජයේ නිලධාරින්ට අවස්ථාව ලැබෙන බවද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *