එන්ටප්‍රයිස් ශ්‍රීී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සැමට නොමිලේ රක්ෂණාවරණයක්

Share Button

මොණරාගල පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රීි ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව සදහා නොමිලේ රක්ෂණාවරණයක් ලබා දීමට ශ්‍රීි ලංකා රක්ෂණ සංස්ථාව ඉදිරිපත්ව සිටී. රක්ෂණාවරණය ලබා දීමේ සහතිකපත්‍රය නිල වශයෙන් පිරිනැමීම එන්ටප්‍රයිස් ශ්‍රීි ලංකා ප්‍රදර්ශන ිභුමියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියේදී අද පෙරවරුවේ සිදු විය.

ශ්‍රිී ලංකා රක්ෂණ සංස්ථාවේ මොණරාගල ශාඛා කළමනාකරු ශාන්ත කරූ විතානගේ මහතා නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාට එම රක්ෂණාවරණ සහතිකපත පිරිනැමීය.සහතික පත පිරිනැමීමේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ එම් පී එම් බී අතපත්තු . රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුඵ පිරිසක් එක්ව සිටියහ.

එන්ටප්‍රයිස් ශ්‍රීී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට දිවයිනේ නන් දෙසින් පාසල් සිසහු විශාල වශයෙන් පැමිණෙමින් සිටිති. පාසල් සිසුන් සදහා විවිධ වැඩසටහන් හා වැඩමුඵ ප්‍රදර්ශන භුමියේ පැවැත්වෙයි. උසස් අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක කරන විවිධ පාඨමාලා පිළිබඳව එහිදී ඔවුහු දැනුවත් කෙරෙති.
මොණරාගල වැනි ඌණ සංවර්ධිත දිස්ත්‍රික්කයකට මෙවැනි සංවර්ධනයේ ප්‍රදර්ශනයක් ගෙන ඒම සම්බන්ධයෙන් එහි ජනතාව රජයට සිය කෘතඥතාව පළ කරති. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් ඒ පිළිබදව මෙලෙස සදහන් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *