එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සුහුරු ( Smart) පන්ති කාමරයක්

Share Button

පාසල් දු දරුවන් නුනත තාක්ෂණය සමඟ සමඟ බද්ධ කිරීමේ  පියවරක් ඉදිරියට තබමින් අධ්‍යාපන අමාත්‍යාංශය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සිය අමාත්‍යාංශ ප්‍රදර්ශන කුටියේ  සුහුරු පන්ති කාමරයක් පවත්වා ගෙන යනු ලබයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමි‍ණෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශේෂ අවධානය මෙම සුහුරු පන්ති කාමරය වෙත යොමුව තිබේ. මෙහිදී නූතන තාක්ෂණයට අනුකූලව සිය අධ්‍යාපනික කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව සිසුන්ට හිමිව තිබේ.

නුතන තාක්ෂණික ලෝකයට ගැලපෙන දරුපිරිසක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව පෙරදැරිව තාක්ෂණික උපාංග සමඟින් නව අධ්‍යාපනික ලෝකය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂණික උපාංග ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *