එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ අවසන් දිනය අද

Share Button

මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. සජිත් ප්‍රේමදාස හා මහින්ද අමරවීර යන ඇමතිවරු අද ප්‍රධාන ආරාධිතයෝ වෙති. ඔව්හු මේ වනවිට ප්‍රදර්ශන භුමියට පැමණ සිටිති. ව්‍යවසායකයන් ලක්‍ෂයක් වසරක් තුළ බිහිකිරීම අරමුණු කර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙන යන මෙම ප්‍රදර්ශනයේ දෙවැන්න මේ වසර අවසානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැ්තවීමට සැලසුම් කර තිබේ. අද පැවැත්වෙන සමාප්ති උත්සවයේදී ඇමති වජිර අබේවර්ධන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය සංවිධාන කිරීමට අදාළ වැඩසටහන් ඇතුලත් සංදේශය අනුරාධපුර දිසාලේකම්වරයාට භාරදීමට නියමිතයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹිමට පැමිණෙන ජනතාවට සේවක අර්ථසාධක අරමුදලේ තමන්ට හිමි ශේෂය දැන ගැනීමේ අවස්ථාව සලසා තිබේ. තුන්වන ප්‍රදර්ශන කලාපයේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියේ එම සේවාව ක්‍රියාත්මකයි. තම ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීමෙන් තම සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය දැනගත හැකිය. ශේෂ පත්‍රයේ මුද්‍රිත පිටපතක් එවලේම ලබාදෙන බව මොණරාගල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් අනුර කුලතුංග මහතා කියයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අධ්‍යාපනික වශයෙන් තමන්ට ඉතාමත් සුවිශේෂි බව ප්‍රදර්ශනය නැරඹිමට පැමිණෙන පාසල් සිසුහු පවසති. තම ජිවිත කාලය තුළ මෙවැනි අධ්‍යාපනික වශයෙන් වැදගත් ප්‍රදර්ශනයක අත්දැකීම් ලබන ප්‍රථම අවස්ථාව මෙය බවද ඔව්හු සදහන් කරති. ප්‍රදර්ශනය පැවැත්වෙන සුහුරු පන්ති කාමරය පාසල් සිසුන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව තිබේ. අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රදර්ශන කුටියේ එම පන්ති කාමරය ඉදිකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *